hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 23, පෙ.ව. 3:17



පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරනු ලැබුවා.

ඒ අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයට එරෙහිවයි.

නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයකට මේ වන විටත් රට මුහුණ දී සිටින අතර එම තත්ත්වයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලකට මුල පුරමින් මෙම අත්සන් තැබීම සිදු කර තිබෙනවා.