hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2023 මාර්තු 23, පෙ.ව. 3:51



ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වන්නට පසුගිය දිනවල ඉඩදීමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට දරාගත නොහැකි පාඩුවක් සිදුවී ඇතැයි වාර්තා වනවා.

එබැවින් ඩොලරයේ අගය පාලනය කිරීමට පියවර නොගතහොත් ආනයන කටයුතු අවුල් වී රට තුළ බඩු හිඟයක් යළි මතුවිය හැකි යැයි ආනයනකරුවන් අනතුරු අඟවනවා.

හිටිහැටියේ රුපියල ශක්තිමත් වීමෙන් වැඩි මුදලට ඩොලර් ගෙවා ඇණවුම් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාඩුපිට විකිණීමට සිදුවන බව ද ඔවුන් පවසනවා.

ඒ අනුව එළඹෙන අවුරුදු සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟවීමට හැකි යැයි ඔවුන් පෙන්වා දෙනවා.