hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 23, පෙ.ව. 10:51



රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (22) හෙළි කළා.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට නුසුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බව ද ඒ අනුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය නොදීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව ද ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ සිදු කළ සියලු මෙහෙයුම් සිදු කළේ ද බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.