hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 මාර්තු 24, පෙ.ව. 8:21



පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පමණක් නොව ලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය ද ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇති දැයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.

“ඇයි රජය ව්‍යාපාරවල ඉන්නෙ? ඒක රජයේ වැඩක් නොවෙයි. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලයෙ ඔය වගේ වැඩ තිබුණේ නැහැ. ඒත් රටේ සල්ලි තිබුණා. එදා එංගලන්තයටත් ණය දීලා ගල්ඔය ව්‍යාපාරය හදන්නත් රටේ සල්ලි තිබුණා.

දැන් අපි චීනයෙන් සල්ලි ඉල්ලා ගන්නවා මොරගහකන්ද හදන්න. රාජ්‍ය ආයතන ව්‍යාපාර කළ යුතුයි කියලා කුමන රටේ ද නීතියක් තිබෙන්නේ. අපි යන්නේ රටක් හැටියට ශීඝ්‍රයෙන් දියුණු වෙන්න. අපි විතරයි රටක් හැටියට මේ රාජ්‍යය ව්‍යාපාර කරන්න ඕන කියලා කියන්නේ.

රජය තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. අද හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙනව ද? අපි අධ්‍යාපනයට වඩා ගිය අවුරුද්දෙ ඛනිජ තෙල් සංස්ථාවට ගෙවලා තියෙනවා. අධ්‍යාපනයට වඩා විදුලි බල මණ්ඩලයට ගෙවලා තියෙනවා.

ඩී එස් සේනානායක අගමැතිවරයා කාලයෙ මේ එකක් වත් තිබුණේ නැහැ. පෞද්ගලික අංශය විසින් ව්‍යාපාර කරනකොට එකේ බදු රජය ලබා ගන්නවා. එංගලන්තෙ ටෙලිකොම් එක අයිති කාට ද? පෞද්ගලික අංශයට. ප්‍රංශයේත් අමෙරිකාවේත් එහෙමයි. අපිත් එලෙස දියුණු විය යුතුයි. නැත්තම් උතුරු කොරියාව වගේ වැටෙන්න ඕනේ. ඒ දෙකෙන් මොකක්ද කැමති කියලා මට කියන්න.”