2023 මාර්තු 24, පෙ.ව. 10:23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ ණය පහසුකම ඉදිරියේදී මෙරට පොලී අනුපාත පහළ යෑමට ඉවහල් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මෙම ණය පහසුකම නොලැබුණේ නම් රජයට වැඩි පොලියට අරමුදල් සපයාගැනීමට සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
තෙවන හෝ සිව්වන කාර්තුව වනවිට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කරගැනීමට හැකියාව පවතින බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
පසුගිය සතියේ මාස 3,6,7 සහ වසරක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර සතිපතා ලබා ගත් බවත් කොහොමත් රජය ණය ලබා ගන්නා බවත් සියයට 25 තිබූ දේශීය ණය වෙනුවට විදේශීය ණයක් ලෙස හිමිවන බවත් එවිට පොලී වියදම විශාල වියදමක් ඉතිරි වන බවත් නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.
ණය තිරසරභාවය අවදානමක් නොමැති බවත් රජය වෙළෙඳපොලෙන් ණය ලබා ගැනීම අඩු කළ විට වෙළෙඳපොලේ පොලී අනුපාතය අඩුවන බවත් එය පසුගිය සතියේත් සිදුවූ බවත් එය මුළු රටේම ණය ගන්න ජනතාවට වාසියක් හිමිවන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.