hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 මාර්තු 27, පෙ.ව. 9:18



දීර්ඝ කාලයක් තිස්සේ අමාත්‍යධුර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විටත් දැඩි කණස්සල්ලෙන් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටියේ තවදුරටත් අමාත්‍යධුර දීම ප්‍රමාද වන්නේ නම් රජයට සහාය දීම පිළිබඳව තීරණයක් ගැනීමට ඔවුන් සාකච්ඡා කර ඇති බවයි.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානය පැවති සාකච්ඡාවක දී ද දැඩිව අවධාරණය කර තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයා පත් වීමෙන් පසු අවස්ථාවෙන් පසු අවස්ථා ගණනාවකදීම නව කැබිනට් අමාත්‍යවරුන් පත් කරන බවට පැවසුවද මේ දක්වා අමාත්‍ය ධුරයක් ලබා දීමක් සිදු නොවීම ගැන ඔවුන් මෙසේ කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන්ද අමාත්‍යවරුන් ලෙස පත් කළ යුතු පිරිස නම් කර ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි.