hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 මාර්තු 29, පෙ.ව. 11:58


IOC ඉන්ධන මිලත් පහළට

ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (29) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් ද අඩුකර තිබෙනවා.

නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු 340ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රු 325ක් වෙනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල  රු 375ක්.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 465ක්.

භූමිතෙල් ලීටරයක් රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295ක්.