hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මාර්තු 30, ප.ව. 2:36



පෙට්‍ර්ල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීමත් සමග වාහන මිල ගණන්වල ඉහළ යාමක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි වාහන අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දුන්නේ පසුගිය කාලවකවානුව පුරා පහළ යමින් තිබූ වාහන මිලට යළි නව පණක් ලැබ ඇති බවයි.

ඒ අනුව අධි සුඛෝපභෝගි මට්ටමේ වාහන හැරුනු විට අනෙකුත් වාහනවල මිල ගණන් ඉහළ යනු ඇති බව වාහන අලෙවිකරුවන් පවසනවා.

මේ වන විට වාහන අලෙවිකෙරෙන මිල ගණන් පහතින්..

Premio (2017) – ලක්ෂ 132
Aqua G (2012) – ලක්ෂ 49
Vezal (2014) – ලක්ෂ 56
Fit (2012) – ලක්ෂ 48
Vitz (2018) – ලක්ෂ 65
Grace (2014) – ලක්ෂ 66
X-trail (2014) – ලක්ෂ 83
WagonR (2014) – ලක්ෂ 36
Alto (2015) – ලක්ෂ 25
Alto japan (2017) – ලක්ෂ 37යි
Panda (2015) ලක්ෂ 20
Mahindra KUV 100 (2020) ලක්ෂ 39