2023 මාර්තු 31, පෙ.ව. 11:28
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඛනිජ තෙල් වෘත්තීය සමිති සිය වෘත්තිය වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තමා දැනුවත් කළේ නැතැයි එම පක්ෂය වෘත්තිය සමිති ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඊයේ (30) පැවසුවා.
තෙල් සංස්ථාවේ සේවක අයිතිවාසිකම් ගැන පක්ෂයක් ලෙස මැදිහත් විය හැකි වුවත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි යැයි ද එහිදී ලොකුගේ මහතා සඳහන් කළා.
තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ඊට සහය දක්වන බවට කල්තියා තමා සමග සාකච්ඡා කළේ නැතැයි ද ඔහු චෝදනා කළා.
එනිසා එය වෙනම සංවිධානය වී කළ වෘත්තිය අරගලයක් ලෙස සැලකිය හැකි යැයි ලොකුගේ මහතා පැවසූවා.
ඒ අනුව ඛනිජ තෙල් සැපයුම අඩපණ කරමින් ක්‍රියා කළ බව කියන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් ඇතුළු විසිදෙනකු අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු වශයෙන් ලොකුගේ මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.
මේ අතර බන්දුල සමන් කුමාර මහතා පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ගෙන ඒමට කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ පුද්ගලයෙක්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති භාරව සිටින මන්ත්‍රීවරයා වන්නේද හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතායි.
නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැනුවත් නොකළ බවද සඳහන් කළා.
කෙසේවෙතත් වෘත්තීය සමිති සඳහන් කළේ තෙල් සංස්ථා සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ගෙනයන බවත්, සේවකයන් බලහත්කාරයෙන් සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත්ය.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36