hit counter

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 01, ප.ව. 2:38



ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සුදු සීනි, පරිප්පු සහ තිරිඟු පිටිවල මිල අඩුවී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

රුපියල් 220 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 200ක් වන අතර, රුපියල් 340ට පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 310ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම රුපියල් 230ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක රුපියල් 210ක් ලෙස පහළ ගොස් ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවා.