2023 අප්‍රේල් 04, පෙ.ව. 6:51
රාජ්‍ය ආයතන දහසකට අධික සංඛ්‍යාවක් පානීය ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයට රුපියල් කෝටි හැත්තෑවකට වැඩි හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලයේ ආරංචි මාර්ග පවසනවා.
මේ අනුව හිඟ බිල්පත් නොගෙවූ සියලුම රාජ්‍ය ආයතනවල බිල්පත්වලින් සියයට 2.5 ක අධිභාරයක් (දඩයක්) ලබන මස මුල් සතියේ සිට අයකිරීමට එම මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මෙසේ හිඟ බිල්පත් කාලයක් තිස්සේ නොගෙවා ඇති රාජ්‍ය ආයතනවලින් වැඩි ප්‍රමාණයක් පොලීසි, හමුදා කඳවුරු සහ රෝහල් වනවා.
මෙම අධිභාරය අයකිරීම පිළිබඳව සියලුම රාජ්‍ය ආයතන පසුගිය ජනවාරි මාසයේ සිට දැනුවත් කළ බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් ජල බිල්පත ලැබී දින 90කින් ගෙවීම නොකළහොත් මෙම අධිභාරය අය කෙරෙනවා.
එසේම ජල බිල්පත ලැබී දින 14ක් ඇතුළත එය ගෙවනු ලැබුවහොත් සියයට 1.5ක වට්ටමක් දෙන බවත් රාජ්‍ය ආයතනවලට මෙන්ම සියලු පෞද්ගලික ජල පාරිභෝගිකයන්ටද ඒ වට්ටම පොදුවේ හිමිවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.