hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2023 අප්‍රේල් 04, පෙ.ව. 8:23



ඉදිරි මාස දෙක ඇතුළත පොලී අනුපාත පහළ දමනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා,

“මිනිසුන්ට තවමත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ප්‍රධානම වශයෙන් මහ බැංකු අධිපති නන්දලාල් මැතිතුමා එක්ක මම ගිය සතියේ සාකච්ඡා කළා ඊළඟ මාස දෙක ඇතුලත අනිවාර්යයෙන්ම පොලී අනුපාතය අඩු කරනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අඩුගානේ 15%ත් 20% ත් අතර පොලී අනුපාතය අඩු කරන්නට බලාපොරොත්තුවක්ති යෙනවා.”