2023 අප්‍රේල් 04, ප.ව. 12:50
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට පැමිණෙන බවත් එම ලැයිස්තුව තමා සතුව පවතින බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.
එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කර සිටියේ එවැන්නක් සිදු නොවෙන බවයි.
එහිදී මහින්දානන්ද මහතා කිරිඇල්ල මහතාට අභියෝගයක් එල්ල කරමින් සඳහන් කළේ තමන් එය ඔප්පු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් කිරිඇල්ල මහතා ඉවත් විය යුතු බවයි.
ඒත් සමඟම කිරිඇල්ල මහතා නිහඬ වී සිටීමක් දැක ගැනීමට හැකි වුණා.
පසුගියදා විපක්ෂ නායකවරයාගේ කට නිසා ජන්ද අහිමි වන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළ බව කි අලුත්ගමගේ මහතා සඳහන් කළේ එමගින් විපක්ෂය ඇතුළේම ගැටළුවක් උද්ගත වී ඇති බවයි.
පසුගියදා නාවලපිටියේ විපක්ෂ නායකවරයා පැමිණි රැස්වීමට 600ක් පමණක් ජනතාව පැමිණි බවත් තමා සමඟ තේ පානය කිරීමටත් ජනතාව 300ක් පමණ එකතු වෙන බවද වැඩිදුරටත් කියා සිටියා,
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36