2023 අප්‍රේල් 06, පෙ.ව. 8:55
ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ තවමත් ඔස්ට්‍රෙලියියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි වෙනස් කිරීමෙන් අනතුරුව ඔහුට නැවතත් Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය භාවිත කිරීමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් අවස්ථාව ලබා දී තිබෙන බව පර්ත් නව් වෙබ් අඩවිය පවසනවා.
අදාල තීරණය අද (06) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය පෙබරවාරි මාසයේ දී එම අධිකරණය විසින් ධනිෂ්ක හට Whatsapp සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කිරීමට අවසර දුන්නා.
ඒ ධනිෂ්ක විසින් තමාට අදාල ඇප කොන්දේසි වෙනස් කරන ලෙස සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණයෙන් කළ ඉලීමක් සලකා බැලීමක් වශයෙන්.
පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරමින් ඔස්ට්‍රෙලියානු සංචාරයට එක් වූ ධනිෂ්ක එහි දී කාන්තාවක් බලහත්කාරෙන් ලිංගික අපයෝජනයට ලක් කිරීම ඇතුළු චෝදනා හතරකට ඉකුත් ඔක්තෝබර් 6 වැනි දා අලුයම සිඩ්නි හයට් රීජන්සි හෝටලයේ දී සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගර ගත් කළ අතර ඔහුට ඉකුත් නොවැම්බරයේ දී අධිකරණය ඇප ලබා දුන්නේ ටින්ඩර් නැමති සමාජ මාධ්‍ය යෙදවුම ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවට පිවිසීමේ නිදහස අත් හිටුවමින්.