hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අප්‍රේල් 06, ප.ව. 1:07



2023 මාර්තු 29 වනදා මුම්බායිහි පැවති Global Packaging Excellence 2023 සම්මාන උළෙලේදී ලංකාවේ Printcare පුද්ගලික සමාගමට සම්මාන 17ක් හිමි වුණා.

සමස්ත භාරතීය මුද්‍රණකරුවන්ගේ සංසදය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කළ අතර ඒ සඳහා ලොව පුරා මුද්‍රණ සමාගම් 250,000ක පමණ සහභාගි වුණා.

මුද්‍රණ ක්ෂේත්‍රයේ පිළිගත් සම්මාන උළෙලක් ලෙස ගුණාත්මකභාවය, නිර්මාණශිලිත්වය සහ නව්‍යකරණය පිළිබඳ වැඩි අවධානයක් දක්වා තිබෙනවා.

අපක්ෂපාති තෝරා ගැනීමක් සඳහා AI (කෘතීම බුද්ධිය) තාක්ෂණය පදනම් කර ගනිමින් කැමරාවක් හරහා පරික්ෂා කොට විනිශ්ය ලබා දෙන ලදී.

ප්‍රථම වතාවට එම ක්‍රියාවලිය ලොව පුරා නරඹන්නන් හට සජීවීව විකාශය කරන ලදී.

එහිදී අදහස් දැක්වූ ඉන්දීය මුද්‍රණ සම්මේලනයේ හිටපු සභාපති ශෂී ෂර්මා මහතා ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තයේ ප්‍රමිතීන් අගය කරමින්, ඇත්තටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැටලුවක් තිබේද? එවැනි රටක මුද්‍රණ කර්මාන්තයේ ලෝකයේ හොඳම මුද්‍රණ කර්මාන්ත සමඟ තරඟ කළ හැකි සමාගමක් තිබිය හැකි යැයි අපට විශ්වාස කළ නොහැකි බව පවසා සඳහන් කළා.

Example Image