hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 අප්‍රේල් 09, පෙ.ව. 11:36



සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලෙස මන්ත්‍රීවරුන් රැසක් එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන්  ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා.

රාජිත සේනාරත්න මහතා පක්ෂයේ තීරණවලට පටහැනිවන ආකාරයේ ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින හෙයින්  ඔහුගේ එම ක්‍රියා කලාපය පක්ෂයට විශාල හානියක් බව එම මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයාට වැඩිදුරටත් දැනුම්දී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

එහෙත් පක්ෂ නායකත්වය තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර  නැතැයි දැනගන්නට තිබෙනවා.