hit counter

2025 මැයි මස 14 වන බදාදා

2023 අප්‍රේල් 15, පෙ.ව. 9:15



අවුරුදු මාසය අවසන් විනවිට දේශපාලනයේත්, ආණ්ඩුවේත්, පාර්ලිමේන්තුවේත් පෙරළි රැසක් සිදුවිය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අප්‍රේල් මාසය අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලයේ ලොකු වෙනසක් සිදුවන බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර පොහොට්ටුව මේ වනවිටත් කණ්ඩායම් කිහිපයකට බෙදී වෙනම දේශපාලන ව්‍යාපාරයක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කැබිනට් සංශෝධනයේදී ජනාධිපතිවරයා සිය දේශපාලන ස්ථාවරත්වය තහවුරු කරගන්නට ඔහුට හිතැති කිහිපදෙනකුට බලවත් ඇමැති පදවි ලබාදීමට යන බවටද තොරතුරු වාර්තා වනවා.

මේ අතර පොහොට්ටුවේ ප්‍රබලයින් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන කැබිනට් ඇමැති ධුර අපේක්ෂාවෙන් සිටින අතර, ඔවුන්ගේ එම අපේක්ෂාව ඉටු නොවුණහොත් විපක්ෂයට යාමට ඉඩකඩ ඇති බවට එම ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එවැනි වෙනසක් සිදුවන්නේ ජාතික ආණ්ඩු සංකල්පය ක්‍රියාවට නංවා ගැනීමට බවද වාර්තා වනවා.