2023 අප්‍රේල් 22, පෙ.ව. 10:08
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම සඳහා නොපැමිණෙන්නේ නම් හිටපු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කැඳවා එම උත්තර බැලීම ආරම්භ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
ෆුටා බුටා කුමක් කිව්වද තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔවුන් මෙම කාර්යය සඳහා පැමිණීමට එකහෙලාම කැමැත්ත පළ කළ බවත් හෙතෙම කියා සිටියා.
ඒ අනුව සිසු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශ්‍රාමික ආචාර්යවරුන් සම්බන්ධ කරගෙන මෙම ඇගයීම් ක‍්‍රියාවලිය වහා ආරම්භ කළ යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව පැවසුවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36