hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 8:43


හම්බන්තොට ආසන්න මුහුදේ භූකම්පනයක්

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබෙනවා.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.

හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හන්දිය, දෙහිගහලන්ද මෙන්ම අම්බලන්තොට ඇතුළු ප්‍රදේශ කීපයකට මෙම භූ කම්පන තත්වය දැනුනු බවයි එම ප්‍රදේශයන්හි ජනතාව ප්‍රකාශ කර සිටියේ.

’මම ඇදෙ ඉන්නකොට රාත්‍රී 12.45ට විතර ඇදත් එක්ක හෙලවෙන්න පටන් ගත්තා මම හිතුවේ හයියෙන් ගොරවනවා කියලා පස්සේ තමයි තේරුනේ පොලව හෙල්ලෙනබව’’ භූ කම්පන තත්වය දැනුනු හම්බන්තොට ගොඩවාය ප්‍රදේශයේ පදිංචි පේමසිරි අරඹගේ මහතා කියා සිටියා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන්  භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, අදාළ භූ කම්පන තත්වය  රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් ඇති බවත් නමුත්  එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට අපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකල විමසීමකදී එහි නිලධාරියෙකු කියා සිටියේ හම්බන්තොට ඒ ආකාරයේ භූ කම්පන තත්වයක් ඇතිවී ඇතිබවට ජනතාවගෙන් තොරතුරු ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවයි.

 හම්බන්තොටරාහුල් සමන්ත හෙට්ටිආරච්චි