hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 11:31



එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමෙන් මෙරට මුහුදු තීරයට වූ හානියේ වන්දිය ලැබීම වැළැක්වීමට ඩොලර් මිලියන 250ක පගාවක් ගත් පුද්ගලයාගේ නම වහාම හෙළි කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝගයක් කර සිටිනවා.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම කරුණ පිළිබඳ දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින බවද එසේ ප්‍රකාශ සිදු කිරීමෙන් රටට සෙතක් අත්නොවන බව ද මෙවැනි වහෙන් ඔරෝ ප්‍රකාශ නොකර සෘජුව අදාල පුද්ගලයාගේ නම ප්‍රකාශ කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවා.

එසේ පිටත ස්ථානයකදී නම ප්‍රකාශ කිරීමට අපහසු නම් පාර්ලිමේන්තුවේ දී හෝ මෙම කරුණ ප්‍රකාශ කරන ලෙස ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු විය යුතු බව ද වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙම නෞකාව සම්බන්ධ සිද්ධිය සිදුවූයේ පසුගිය 2021.05.19 වැනිදා බවද අදාළ වන්දිය ලබාගැනීමට 2023.05.19ට පෙර ඊට අදාළ වන්දි නඩුව ගොනු කළ යුතු බව ද එසේ නොමැති වුවහොත් එම වන්දිය රටට අහිමි වන බව ද මන්ත්‍රීවරයා පැවසුවා.