hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2023 අප්‍රේල් 25, ප.ව. 1:06



මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී හයියෙන් කතා කලාට මං බය නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා හඬින් මූලාසනය ඇමතූ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් අජිත් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

මේ මොහොතේ සංවේදී කාරණා හැර වෙනත් කාරණා වලට වැඩි වේලාවක් ලබා දිය නොහැකි බවද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළා.