hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 26, පෙ.ව. 7:52



පාසල් ළමයින්ගේ සපත්තු සහ බෑග් මිල මැයි මස 09 වැනිදායින් පසු රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩු කිරීමට එම නිෂ්පාදකයෝ මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සමග පැවති සාකච්ඡාවකදී එකගතාවය පළකර තිබෙනවා.

මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (25) සවස පැවැත්වුණා.

එම සාකච්ඡාව සඳහා පාසල් බෑග් නිෂ්පාදකයන් සහ සපත්තු නිෂ්පාදකයෝ රැසක් සහභාගිවී සිටියා.

ඩොලරයේ අගය අඩුවී තිබෙන බැවින් පාසල් බෑග් සහ සපත්තු නිෂ්පාදනවලට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල අඩුවී තිබෙන බවත්, එහි වාසිය පාසල් ළමුන්ට ලබා දෙන ලෙසත් මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා නිෂ්පාදකයන්ට කියා සිටියා.

ඒ අනුව මැයි 09 වැනිදායින් පසුව පාසල් බෑග් සහ සපත්තුවල මිල රුපියල් 500ත් 1000ත් අතර මිලකින් අඩුකිරීමට නිෂ්පාදකයන් එකඟතාවය පළකර තිබෙනවා.