2022 මැයි 12, ප.ව. 8:45
අගමැති ධුරයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ මෙම අර්බුදකාරී අවස්ථාවේ අර්බුදකාරී තත්ත්වය මගහරවා ගැනීම වෙනුවෙන් අගමැතිවරයාට සුබ පැතුම් පළකරන බවයි.
මේ අතර නාමල් රාජපක්ෂ මහතා ද නව අගමැතිවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා.
මේ අතර ලංකා කම්කරු කොන්ග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.
ප්‍රමාදයකින් තොරව විසඳිය යුතු ගැටලු රාශියක් පවතින බවත්, ගැටලු මඟහරවා ජාතිය ස්ථාවර කිරීමට අගමැතිවරයා ගන්නා උත්සාහයට ලංකා කම්කරු කොංග්‍රසයේ උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01