hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අප්‍රේල් 27, පෙ.ව. 11:58



මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අනුමැතිය ලැබුණු සමාගම් තුන අතරින් ‘සිනොපෙක්’ සමාගම ලබන ජූලි මස ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එම සමාගම සමඟ මැයි මස මැද වන විට ගිවිසුම්ගත වී දින 45 ක් තුළ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවත් ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාලය පිළිබඳව එම සමාගම සමඟ සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එම සමාගමේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය යන ආයතනවල නිලධාරීන් සහභාගි වුණා.

Example Image