hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 27, ප.ව. 1:23



බලය කිසිසේත්ම අතහරින්නට තම පක්ෂය සූදානම් නැතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසුවා.

තම පක්ෂය වන ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ජලය තුළ ගිල්වන්න හැදුවද එය කිසිසේත්ම කළ නොහැකි බවද මෙවර මැයි රැලියේදී තම පක්ෂයේ ශක්තිය ලංකාවටම පෙන්වන්නට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

බෝලයක් ජලයේ ගිල්වන්නට බැරි බවද එසේ ගිල්වාගන සිටියද එම බෝලය අනිවාර්යයෙන්ම උඩට මතුවන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙම අදහස් පළ කළා.