hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 28, පෙ.ව. 11:41


ප්‍රදේශ කිහිපයකට හදිසි ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ සිට ජලය සපයන නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවා තිබෙනවා.

එසේම කඩුවෙල සහ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශවලටත් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලටත් මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇත.