hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 අප්‍රේල් 28, ප.ව. 2:36


ශෂී වීරවංශට එරෙහි නඩුව මැයි 2වනදා

ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය මැයි මස 02 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ලවී තිබෙනවා.

මෙම නඩුව අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එදින විත්තිය සූදානම් නැතත් නඩුව විභාගයට ගන්නා බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා, මේ ආකාරයෙන් කල් ගියහොත් මෙම නඩුව අවසන් කිරීමට නොහැකි වනු ඇති බවත් විවෘත අධිකරණයේදී කියා සිටියා.