hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2023 අප්‍රේල් 29, ප.ව. 8:38


දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට අදාළව නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇඟවීම අද (29) පස්වරු 4.00 සිට හෙට (30) පස්වරු 04:00 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ එම ප්‍රදේශවල කඳුකර, බෑවුම් සහ ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි.