hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 මැයි 01, ප.ව. 12:30



විනය පරීක්ෂණයක් පැවැත්විය යුත්තේ තමාට නොව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට බවත් තමාට එවැනි පරීක්ෂණයක් අවශ්‍ය නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්.ෆවුසි මහතා පැවැසුවා.

අයි.එම්.එෆ් එකට යන්න යැයි පළමුවෙන්ම යෝජනා කළේ තමා යැයි විපක්ෂ නායකවරයා පවසන බැවින් ඒ යෝජනාවට ඡන්දය ප්‍රකාශ කළ තමාට ප්‍රථමයෙන් ඔහුට විරුද්ධව මෙම විනය පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළා.

රටේ අනාගත පරපුර වෙනුවෙන් කටයුතු කළ යුතු මොහොතක විපක්ෂ නායකවරයා ඡන්දය භාවිත නොකර පාර්ලිමේන්තුවෙන් පිටට ගියද රට වෙනුවෙන් හා අනාගත රටේ දරු පරපුර වෙනුවෙන් තමා මේ සඳහා ඡන්දය ලබා දුන් බවත් අයි.එම්.එෆ්. සහන ලබා ගන්නා ලෙස තම පක්ෂයේ නායකවරයා මුල සිටම පැවැසූ බවත් ඔහු සඳහන් කළා.