2023 මැයි 02, පෙ.ව. 3:15
            
විපක්ෂයට පංච මහා ශෝකයක් ඇති වී ඇති බවත් පංච මහා ශෝකය තුළින් විපක්ෂය පසුගිය කාලසීමාවේ දේශපාලනය සිදු කළ බවත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය අමතමින්.
එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා,
“අද පංච මහා ශෝකයක් ඇති වෙලා තියෙනවා විපක්ෂයට. පෝලිම් නැතිවීමේ ශෝකය, විදුලිය නොකැපීමේ ශෝකය, පෙට්‍රල් සහ ගෑස් මිල අඩුවීමේ ශෝකය , පෝලිම් නැතිවීමේ ශෝකය IMF ලැබීමේ ශෝකය. විපක්ෂය මේ තුළ පසුගිය කාලයේ දේශපාලනය කළේ. රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් වුණා තනි පුද්ගලයෙක් ලෙස ප්‍රධාන හතුරු පොදුජන පෙරමුණ දිනාගෙන ප්‍රශ්නවලට විසදුම් ගේන්න පුළුවන් වුණා.ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති වුණේ අවුරුදු 70 න් පස්සේ දෙවරක් දිනුවා. මම අනාවැකියක් කියන්නම් රනිල් මහත්තයත් 70 පැන්නට පස්සේ ජනාධිපති වුණා. දෙවැනි වතාවටත් ජයග්‍රහණය කරලා තමයි අවසන් කරන්නේ.”
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18