hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2022 මැයි 13, ප.ව. 1:38



ගාලු මුවදොර මේ වනවිට පැවැත්වෙන විරෝධතාවයට අත තැබීමට ඉඩ නොදෙන බවත් එය තවදුරටත් පවත්වාගෙන යෑමට ඉඩ ලබාදෙන බවත් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරයක් සිටින බවද තහවුරු කරන බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත් සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසුම් වලට පිළිතුරු දෙමින් ඒ මහතා ඒ බව පැවසුවා.

මේ අවස්ථාවේදී ඩීසල් හා විදුලිය නැති වුවත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගෙන ඒවා ජනතාව වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

https://youtu.be/rUR6A65nzoY