hit counter

2025 මාර්තු මස 21 වන සිකුරාදා

2023 මැයි 02, ප.ව. 12:08



ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන කාර්‍යාලයට පක්ෂයේ නායක සහ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඇතුළු සිය දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් 30 වනදා සවස කඩාවැදී එහි සිටි දෙදෙනෙකුට පහරදී, පලායමින් සිටියදී ඔවුන් අතරින් හත්දෙනෙක් මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායම පක්ෂ කාර්යාලයේ ඉබි යතුරු කඩා බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම කර ඇති බව මරදාන පොලිසිය පවසනවා.

ලංකා සම සමාජ පක්ෂයේ නායක සහ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම තනතුරුවලින් ඉවත් කර මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්ත ඇතුව ප්‍රධාන ලේකම් ලෙස ඩබ්ලිව්. අබේරත්න මහතා පත් කිරීම සම්බන්ධයෙන් තිස්ස විතාරණ පාර්ශවය සහ අබේරත්න පාර්ශවය අතර ආරවුලක් ඇතිව තිබූ බව වාර්තා වෙනවා.

මෙම ආරවුල සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි අනුව දෙපාර්ශවයම මරදාන පොලිසියට කැඳවා ගැටුම් ඇති කර නොගෙන සාමයෙන් සිටින ලෙසත්, පක්ෂ ව්‍යවස්ථාව කඩ කර ඇත්නම් අධිකරණයට ගොස් විසඳුමක් ලබා ගන්නා ලෙසත්, සංවාද කර මෙම සිදුවීම සමථයකට පත් කර තිබෙනවා.

ගැටුම් ඇතිකර නොගන්නා ලෙස අවවාද කර, සිද්ධිය සමථයකට පත්කළ තිබියදී තිස්ස විතාරණ මහතා ඇතුළු ඔහුගේ පාර්ශ්වයේ සිය දෙනකු පමණ පක්ෂ කාර්යාලයට කඩා වැදී මෙසේ කර ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධිය සැලවී මරදාන පොලිසියේ කණ්ඩායමක් එහි ගොස් ඇති අතර ඒ අවස්ථාවේ දී එහි සිටි පිරිස පලාගොස් තිබෙනවා. ඒ අතරේ අතර සිටි හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ මතුගම, වැලිපැන්න සහ මීගහතැන්න යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 41, 31, 32, 29, 23, 26 යන වයස්වල පසුවන අයයි.