hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 මැයි 03, ප.ව. 3:06



දෙමළ ජාතික සන්ධානය නුදුරේදීම විශේෂ තීරණ කිහිපයක් ආණ්ඩුවට දැනුම්දීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්පන්දන් මහතා පැවැසුවා.

ජනවාර්ගික ගැටලුවට විසඳුම් ලබා ගැනීමේ අරමුණින් ආරම්භ කෙරුණු සර්ව පාක්ෂික සාකච්ඡා බිඳ වැටීම හා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වමින් තිබෙන අදහස් පිළිබඳව සම්පන්දන් මහතාගෙන් මාධ්‍ය කළ විමසීමේදී පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.

“වත්මන් ආණ්ඩුවේ කිසිදු කටයුත්තක් පිරිසුදුව සිදු වන්නේ නැහැ. ඒ වගේම මන්දගාමීයි.  වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ පොරොන්දු ලබාදීම පමණයි. නමුත් ඒ කිසිවක් ඉටු කරන්නේ නැහැ. කිසිවක් ප්‍රයෝගිකව සිදු කරන්නෙත් නැහැ. එබැවින් අපේ ප්‍රශ්නවලදී අපි මීළඟ කළයුත්තේ කුමක්ද යන්න පිළිබඳව අප සමාලෝචනයට ලක් කරමින්  සිටිනවා. ඒ අනුව නුදුරේදීම විශේෂ තීරණ කිහිපයක් ආණ්ඩුවට දැනුම්දීමට කටයුතු කරනු ලබනවා” යැයිද සම්පන්දන් මහතා මෙහිදී වැඩිදුරත් පැවැසුවා.