2023 මැයි 05, ප.ව. 10:25
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය විසින් සංවිධානය කරනු ලබන “ජාතික මානව සම්පත් සම්මන්ත්‍රණය 2023” එළඹෙන ජුනි මස 21 හා 22 යන දෙදින තුළ ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල්හිදි අති උත්කර්ෂවත් අයුරින්
පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ බවර් සමාගමේ (A Baur & Co. (Pvt ) Ltd) කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක රෝල්ෆ් බ්ලාසර් (Rolf Blaser) මහතා මෙවර මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන දේශක ලෙස එක්වෙනු ඇති අතර මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රමුඛයින් රැසක් ද සම්පත් දායකයින් ලෙස මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමට නියමිතයි.
මේ “ජාතික මානව සම්පත් කළමනාකරණ සම්මන්ත්‍රණය 2023” ප්‍රධාන සම්මානයකින්, තාක්ෂණික සැසිවාරයන්ගෙන්, මානව සම්පත් පිළිබඳ විවාදයකින් (Greate HR Debate), ජාතික මානව සම්පත් ප්‍රදර්ශනයකින් හා CIPM රන් සම්මාන ප්‍රදානෝත්සවයකින් සමන්විත වනවා.