hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 08, ප.ව. 1:58



බිල් නොගෙවන රාජ්‍ය ආයතන ද ඉදිරියේ දී ජල සැපයුම විසන්ධි කිරීමේ ලැයිස්තුවට එක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

එමෙන්ම දින 90 ඉක්මවූ පසු රාජ්‍ය ආයතනවලට ද ප්‍රමාද ගාස්තුවක් හඳුන්වාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා ප්‍රකාශ කළා.

තවද මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව මිලියන 2.9ක්.

එම සංඛ්‍යාවෙන් අති බහුතරයක් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සිය මාසික බිලෙන් 50%ක් පමණ ගෙවා දැමීමට පුරුදු වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.