hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 09, පෙ.ව. 11:59



අනිද්දා පැවැත්වීමට සැළසුම් කර තිබූ මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය කල්දමන ලෙස තමා කළ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

අනතුරුව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ විවාදය පැවැත්වෙන නව දිනය පෙරවරුවේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කරන බවයි.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කෙටුම්පත අනිද්දා විවාදයට ගැනීමටයි තීරණය කරනු ලැබුවේ.