hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 මැයි 10, ප.ව. 1:47


දර්ශන හඳුන්ගොඩට අධිකරණය දුන් නියෝගය

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට හා රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූටියුබ් නාළිකාව ඔස්සේ සමාජ ගත කිරීම වළක්වමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබෙන වාරණ නියෝගය මෙම මස 24 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

එම පැමිණිල්ල අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.