hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 10, ප.ව. 2:24


රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්

අධික වර්ෂාවත් සමග මාර්ගවල ස්වභාවය පිළිබඳ අවබෝධ කරගෙන රිය ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එම අධිකාරිය සඳහන් කළේ, විශේෂයෙන් අධිවේගි මාර්ගවල සහ කඳුකර මාර්ගවල රිය ධාවනය කිරීමේදී වඩා සුපරික්ෂාකාරී විය යුතු බවයි.

අධිවේගි මාර්ගයේ රිය ධාවනය කිරීමේදී තිරිංග පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.

ඊට අමතරව කඳුකර මාර්ගවල නායා යෑම් හා කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බැවින් එම මාර්ගවල රිය ධාවනය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.