hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 මැයි 10, ප.ව. 3:27



තලවකැ‍ලේ ප්‍රදේ‍‍ශයේ තේ වත්තක අතරමංව සිටි කොටි පැටවෙකු ප්‍රතිකාර සඳහා  රන්දෙ‍ණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කිරීමට වන ජීවි නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා.

අතරමං වූ කොටි පැටවා තලව කැලේ තේ වත්තක වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට හමු වී ඇති අතර ඔවුන් විසින් කොටි පැවටාව කොටි මවට බාර දීමට කිහිප විටක දී උත්සහ කළ ද කොටි පැටවා අසළට පැමිණි මව කොටි පැටවා ගෙන යෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කිසිදු ආහරක් නොලැබූ කොටි පැටවා රෝගී තත්ත්වයෙන් පසු වූ නිසා රන්දෙ‍ණිගල පශු වෛද්‍ය රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

කොටි පැටවාව මිනිසුන් විසින් ඉස්පර්ශ කර තිබෙන බවට ඉව ඇති නිසා කොටි මව මෙලෙස තම කොටි පැටවා ප්‍රතික්ෂේප කරන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.