hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 මැයි 10, ප.ව. 4:28


දුම්රියේ යන අයට දැනුම්දීමක්

අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය හැරුණුකොට සෙසු සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබෙනවා.