hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 මැයි 11, ප.ව. 2:57



ඉතිහාසයේ  මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි සඳහන් කළා.

විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම ,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කර සිටියා.