2023 මැයි 13, පෙ.ව. 1:12
            
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරගේ ක්‍රියා කලාපය හෙලා දකිමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
පිටු 8 කින් යුත් එම ලිපියෙන්, මහලේකම් සහ පක්ෂ සංවිධායකවරයෙකු දයාසිරි ජයසේකර අතර පසුගියදා සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව ද සිහිපත් කර තිබීම විශේෂත්වයක්.
එම සංවාදයේදී මහලේකම්වරයා තමන්ව දෝෂ දර්ශනයට ලක් කිරීම අරුමයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.
එසේම, අදාළ ලිපියේ පෙන්වා දී ඇති කරුණු පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සහ මධ්‍යම කාරක සභාවට යොමුකරන ලෙස ද ඔහු, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18