hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 14, පෙ.ව. 12:38



ලබන ජුනි මාසයේ සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බවයි වාර්තා වන්නේ.

ඒ, මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම නිසා සුරාබදු ආදායම අඩුවීම හේතුවෙන්.

මෙම වසරේ ආරම්භයේ සිට මත්පැන් සහ බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බව නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

එලෙස අලෙවිය පහත වැටීමට හේතු වී ඇත්තේ මිල අධිකවීම බව නිෂ්පාදන සමාගම් පවසන්නේ.

මේ පිළිබඳ මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය සහ නිෂ්පාදන සමාගම් අතර සාකච්ඡා පසුගිය සතියේදී පැවැත් වූ අතර එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සුරාබද්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි.