hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 14, ප.ව. 2:48


නිල්වලා ගඟ පිටාර මට්ටමට – පහත් බිම්වල වෙසෙන ජනතාවට අනතුරු අඟවයි

දිවයිනේ සෙසු ප්‍රදේශවලට මෙන් ම මාතර දිස්ත්‍රික්කයට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ මේ වන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

එය සැලකිල්ලට ගනිමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ගංවතුර අවදානම් නිවේදනයක් අද (14) පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ සහ දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ නිල්වලා ගඟ පිටාර යන පෙදෙසට අයත් පහත් බිම්වල වෙසෙන ජනතාවට ගං වතුර අනතුරු ඇඟවීම නිකුත්කර ඇති අතර ඔවුන්ට අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබෙනවා.

මේ වන වන විට කිරම ඔය ආර ජලාශය සහ නිල්වලා ගඟේ ඉහළ කොටස වන දෙයියන්දර, මොරවක සහ පිටබැද්දර, ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස නිල්වලා ගඟ පිටාර මට්ටමට පත්ව තිබෙනවා.

මාතර, මුලටියන මාර්ගයේ ස්ථාන කිහිපයක් ගමනාගමනයට බාධාවන පරිදි ජලයෙනි යට වී තිබෙනවා.

මුලටියන, කොස්ගහදොළ අද පෙරවරුව වන විට පිටාර ගලා තිබුණා.

මේ අතර, අද උදෑසන මොරවක කරාපිටිය දක්වා රෝගියෙකු රැගෙන ගිය ත්‍රිරෝද රථයක් පිටබැද්දර ප්‍රදේශයේදී මීටර් පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.