hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 14, ප.ව. 6:11


ෆාතිමාගේ ඝාතකයා රිමාන්ඩ්

ගම්පොළ ප්‍රදේශයේ දී තරුණියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

24 හැවිරිදි සැකකරු ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පැවසුවා.

සැකකරු විසින් ලබාදුන් ප්‍රකාශයක් මත ඝාතනයට ලක්වු‍ තරුණියගේ මළසිරුර ඊයේ (13) ගොඩගනු ලැබුවා.

ඝාතනය කර වළ දමා තිබූ ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නැමැති 22 හැවිරිදි තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද (14) මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ශිවසුබ්‍රමණියම් මහතා විසින් සිදුකරනු ලැබුවා.

ගෙල සිරකිරීමෙන් එම මරණය සිදුව ඇති බවත් ඇය දූෂණයට ලක්ව නොමැති බවත් වෛද්‍ය වාර්තා වේ සඳහන් වී තිබෙනවා.