hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 මැයි 14, ප.ව. 7:50



සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ උප සභාපති පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.

අද (14) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවයි.

මේ හේතුවෙන් අද (14) සිට තමන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉල්ලා අස් වීමට තීරණය කළ බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ජනාධිපති මැතිවරණයක දී රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය පළ කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.