2023 මැයි 15, පෙ.ව. 1:30
            
වත්මන් රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඊයේ(14) මිද්දෙණියේ පැවති උත්සවයකදී අදහස් පළ කර තිබෙනවා.
මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ තවමත් මෙරටට තුළ ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බවයි.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දක්වා තිබුණා.
“ලංකාවේ බදු ක්‍රමය මේ වගේ තත්ත්වයට ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඩොලර් හිඟයත් එක්ක ආනයන අඩුවෙලා තියෙනවා. එතකොට ආනයන අඩු වුණාට පස්සේ කස්ටම් ඩියුටි එක ගහන ඒ මුදල් අඩුවෙලා තියෙනවා. ඒ මුදල් අඩු වුණාට පස්සේ ඒ මුදල් ටික හොයාගන්න අනෙක් තැන්වලින් බදු වැඩිකරලා තියෙනවා. එතකොට ඒක තමයි මූලික දේ. මෙකේ මූලිකම ප්‍රශ්නය ඩොලර් නැතිකම නේ. එතකොට ඩොලර් නැතිකමට ඩොලර් හොයන්න වැඩපිළිවෙළක් තවමත් නැහැ.”
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18