hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 මැයි 15, පෙ.ව. 1:46



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් අද (15) සවස 5.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු සහ දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 05ක්.

මේ අතර ඉදියේදී මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමග ඔවුන් නියෝජනය කරන ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් ඇතැයි වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: