hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 මැයි 16, ප.ව. 4:45


වෛද්‍ය පීඨ සිසුන්ට ජල ප්‍රහාරයක්

කොළඹදී අද (16) පස්වරුවේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

 කොළඹ නෙළුම් පොකුණ අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට හෝර්ටන් පෙදෙස ප්‍රදේශයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකළ බවයි වාර්තා වන්නේ.

 රජයේ වෛද්‍ය පීඨවල ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලීම සහ නව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමේ රජයේ උත්සාහයට විරෝධය පළ කරමින් දිවයිනේ සියලුම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද පස්වරුවේ මෙම විරෝධතාව ආරම්භ කළේය.