hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 මැයි 17, ප.ව. 9:44



ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) දින රුපියල් බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙනවා.

එය පෙර පැවති ඉහළම අගය වූ රුපියල් බිලියන 160 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව එය බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද රුපියල් බිලියන 180ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ අතර ඒ සඳහා බිලියන 261කට වැඩි වටිනාකමින් යුත් ලංසු ඉදිරිපත්වී තිබෙනවා.

වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රුපියල් බිලියන 180ක ලංසු පිළිගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ද කටයුතු කර තිබෙනවා.

ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් පොළිය 25.88% සිට 25.47% ක් දක්වාත්, දින 182 බිල්පත් පොළිය 25.42% සිට 25.22% ක් දක්වා සහ දින 364 බිල්පත් පොළිය 23.14% සිට 22.79% ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.